ලබුකැලේ දී පෙරලුන ජීප් රිය

නුවරඑළිය ලබුකැලේ ප‍්‍රදේශයෙ දී ඊයේ (17) ජීප් රියක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරක් සිදුවී තිබෙනවා.

මෙම අනතුර ගම්පොළ නුවරඑළිය ප‍්‍රධාන මාර්ගයේ සිදු වී තිබූ අතර සිද්ධියෙන් කිසිවෙකුටත් බරපල තුවාල සිදුවී නෑ.

නුවරඑළියේ සිට ගම්පොළ දෙසට එමින් සිටියදී අනතුර සිදු වි ඇති අතර එහි සිටි පිරිස බෙරා ගැනීමට ගම්මුන්ට දැඩි වෙහෙසක් දැරීමට සිදු වු බව ඔවුන් පවසනවා.

රියදුරු ගම්මුන්ට පවසා ඇත්තේ තිරිංග ක‍්‍රියා විරහිත විම නිසා අනතුර සිදු වූ බවයි.




EmoticonEmoticon