එ්.ටී.එම්. යන්ත‍්‍ර මගින් මුදල් වංචා කළ බව කියන චීන ජාතිකයන් දෙදෙනෙකු කොළඹ ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගැණුනා.
ඒ, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (27) රාත්‍රියේ කළ වැටලීමකදීයි. සැකකරුවන් දහවල් කාලයේදී අදාළ ඒ.ටී.එම් යන්ත‍්‍රවලට ඉතා කුඩා විද්‍යුත් උපකරණයක් සවිකර තිබෙනවා.
ගණුදෙනුකරුවන් කාඞ්පත් හරහා ඒ.ටී.එම් යන්ත‍්‍ර මගින් මුදල් ලබාගැනීමේදී ඒවායේ දත්ත අදාළ විද්‍යුත් උපකරණයේ ගබඩා වනවා. සැකකරුවන් දෙදෙනා එම දත්ත මගින් ව්‍යාජ කාඞ්පත් සකසා මෙම මූල්‍ය වංචාව සිදුකර ඇති බවයි පරීක්‍ෂණවලදී අනාවරණ වුණේ.
එලෙස සකස් කළ ව්‍යාජ බැංකු කාඞ්පත් 7 ක් ඔවුන් සතුව තිබී සොයා ගැණුනා. සැකකරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
EmoticonEmoticon