කොළඹ ප්‍රදේශ කිහිපයකට මේ වන විට සිදු ව ඇති විදුලි බිඳ වැටීම සඳහා විසඳුම් ලෙස විකල්ප ක්‍රමවේද භාවිතා කරමින් යළි විදුලිය ලබාදෙමින් සිටින බව විදුලි බල මණ්ඩලය පවසනවා.
කෙසේවෙතත් කොලොන්නාව ග්‍රීඩ් උපපොළේ සිට එන භූගත විදුලි රැහැන් පද්ධතියක ඇති වූ තාක්ෂණික දෝෂය යතා තත්ත්වයට පත් කිරීම සඳහා තවත් කාලය ගත වෙනු ඇති බවයි සඳහන් කරන්නේ.
කොළඹ හදිසි විදුලි බිඳ වැටීමක්
2016-04-19 16:05:48
කොළඹ ප්‍රදේශ කිහිපයකට මේ වන විට විදුලි බිඳ වැටීමක් සිදුව තිබෙනවා.
කොලොන්නාව ග්‍රීඩ් උපපොළේ සිට එන භූගත විදුලි රැහැන් පද්ධතියක ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෙම විදුලි බිඳ වැටීම සිදු ව ඇති බවයි විදුලි බල මණ්ඩලය පැවසුවේ.
කිලෝවොට් 132 ක ධාරිතාවයක් ඇති විදුලි රැහැන් පද්ධතියක් මෙසේ බිඳ වැටී තිබෙනවා.
මේ හේතුවෙන් කොල්ලුපිටිය, කොම්පඤ්ඤවීදිය සහ කොළඹ කොටුව ඇතුළු ප්‍රදේශ කිහිපයක මෙම විදුලි බිඳ වැටීම සිදුව ඇති බවත් සඳහන් කළා.

EmoticonEmoticon