යුරෝපා මත්ස්‍ය තහනම ගැන යළිත් නිවේදනයක් (UPDATE)

ශ්‍රී ලංකාවේ මත්ස්‍ය අපනයනය සම්බන්ධයෙන් යුරෝපීය රටවල් පනවා ඇති තහනම පිළිබඳ මෙම මස 21 වැනි දින පැවැත්වෙන්නේ තීරණාත්මක සාකච්ඡාවක් බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය යළිත් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

මීට පෙර එම අමාත්‍යාංශය මගින් නිකුත් කළ නිවේදනයේ දැක්වුණේ  ශ්‍රී ලංකාවේ මත්ස්‍යයින් යුරෝපීය රටවලට අපනයනය කිරීම සම්බන්ධයෙන් යුරෝපා සංගමය විසින් පනවා තිබූ තහනම මෙම මස 21 වැනි දා ඉවත් කිරීමට නියමිත බව, යුරෝපා සංගමය දැනුම් දී ඇති බවයි.

(අදාළ නිවේදන පහතින් දැක්වෙයි)

යුරෝපා මත්ස්‍ය තහනම ඉවත් කෙරෙයි ?


2016-04-19 15:00:39

ශ්‍රී ලංකාවට පනවා ඇති මත්ස්‍ය අපනයන තහනම ඉවත් කර ගැනීමට යුරෝපා සංගමය කටයුතු කරනු ඇති බව දැනුම් දී තිබෙනවා

ඒ අනුව මෙම මස 21 වැනිදා සිට එම තහනම ඉවත් කෙරෙනු ඇති බවයි පැවසෙන්නේ.

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව පෙන්වා දෙනවා.

(එම නිවේදනය පහතින් දැක්වෙයි)


EmoticonEmoticon