දිවයිනේ නගර රැසක බස් නැවතුම්පොළවල අද (17) දිනයේ දිගු පෝලිම් දක්නට ලැබුණු බව නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවා.
එ් ගම්බිම් බලා ගිය ජනතාව කොළඹට පැමිණිම සඳහා අද දිනයේ වැඩි වශයෙන් බස් නැවතුම්පොළ වෙත පැමිණීම හේතුවෙන්.
මහනුවර, මාතර, කුරුණෑගල ඇතුළු නගර රැසක මෙවැනි පෝලිම් දක්නට ලැබුණු බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ.
ඇතැම් පිරිස් චෝදනා කළේ ප‍්‍රමාණවත් පරිදි බස් රථ යොදවා නොමැතිවීම හේතුවෙන් මෙම තත්වය මතු වූ බවයි.
කෙසේ වෙතත් මහනුවරදී එ් පිළිබඳ අදහස් දැක්වූ ප‍්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා එම චෝදනාව ප‍්‍රතික්‍ෂේප කළා.



EmoticonEmoticon