වරාය නගරයෙන් ධීවර ජනතාවට බලපෑමක් නෑ

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය නිසා ධීවර ජනතාවට කිසිදු බලපෑමක් එල්ල නොවන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය පවසනවා. ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ අදාළ ශක්‍යතා අධ්‍යයනවලින්ද එ් බව තහවුරු කර ඇතැයි විද්වතුන් පෙන්වා දෙන බවයි. 
 
කොළඹ වරාය නගරයේ ව්‍යාපෘතිය පරිසර හිතකාමීව පවත්වාගෙන යාම සඳහා වත්මන් ආණ්ඩුව අවශ්‍ය සෑම පියවරක්ම ගෙන ඇතැයිද ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය පවසනවා.

පිරවීම සඳහා අවශ්‍ය වැලි මුහුදේ ජලකදම්බ සහිත ප‍්‍රදේශයකින් ලබා ගැනීමට නියමිතයි. එවැනි ප‍්‍රදේශවල සිටින්නේ සංක‍්‍රමනික කුඩා මසුන් පමණක් බවද මේ නිසා මසුන් බෝ වන ස්ථානවලට හානි සිදු නොවන බවද ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය පවසනවා.

ඇතැම් විට කොළඹ වරාය නගරයේ ව්‍යාපෘතිය නිසා මුහුදේ මසුන් බිහි වීමට වඩාත් සුදුසු පරිසරයක් ඇතිවීමටද අවස්ථාව තිබෙන බව විද්වතුන් පෙන්වාදී තිබෙන බවයි එම අමාත්‍යංශය වැඩිදුරටත් කියා සිටියේ.


EmoticonEmoticon