අනතුරු 4ක් මරණ 4ක්

අද (23) අලුයම 6.00න් අවසන් වූ පැය 24 තුළ ප‍්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයින් තුන් දෙනෙකු මියගොස් තිබෙනවා.
 
තංගල්ල මාතර ප‍්‍රධාන මාර්ගයේ බෙලිඅත්ත නගරයේදී සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් මියගිය බවයි පොලිසිය පවසන්නේ. වයස අවුරුදු 72ක් වන ඇය බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුවුණා. බස් රථය පලාගොස් තිබෙනවා. 


ලද්දූව වැලිමඩ මාර්ගයේ අඹගස්දෝව හන්දියේදී බස් රථයක පාපුවරුවේ ගමන් කළ පුද්ගලයෙකු ඉවතට විසි වී තවත් අනතුරක් සිදුවී ඇති බවයි පොලිසිය පවසන්නේ. මෙම පුද්ගලයාගේ වයස අවුරුදු 82ක් පමණ වනවා. 

තවත් අනතුරක් සිදුව ඇත්තේ කොළඹ නුවර ප‍්‍රධාන මාර්ගයේ කිරිල්ලවල ප‍්‍රදේශයේදීයි. වෑන් රථයක් පදිකයෙකු යටකරගෙන යාමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි නෙත් නිව්ස් වාර්තාකරු පවසන්නේ. අදාළ වෑන් රථය පලාගොස් තිබෙනවා. මියගිය පුද්ගලයා 57වන වියේ පසුවූවෙක්. 

කඩවත රාගම මාර්ගයේ කඩවත නගරයේදී මෝටර් රථයක් ත‍්‍රීරෝද රථයක ගැටී පසුව තාප්පයක ගැටීමෙන් තවත් අනතුරක් සිදුවුණා. මෝටර් රථයේ රියදුරු මෙම අනතුරෙන් මියගිය බවයි නෙත් නිව්ස් වාර්තාකරු පවසන්නේ. ත‍්‍රීරෝද රථයේ රියදුරු සහ තවත් පුද්ගලයෙකු තුවාල ලබා රාගම රෝහලේ ප‍්‍රතිකාර ලබනවා. 


EmoticonEmoticon