එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී චන්දිම ගමගේ මහතා ගරාජ හිමියෙකුට යකඩ පොල්ලකින් පහර දීමේ සිදුවීමක් පිළිබඳව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
කැකිරාව යකල්ල පාරේ පිහිටි ගරාජයකදී පෙරේදා (25) මේ පහර දීම සිදුව ඇතැයි එම කාර්මික ශිල්පියා කැකිරාව පොලිස් ස්ථානයට කළ පැමිණිල්ලේ සඳහන් වනවා.
පහර කෑමට ලක්ව ඇති පුද්ගලයා චන්දිම ගමගේ මන්ත්‍ත්‍රීවරයාගේ මෝටර් රථයක් මන්ත්‍රිවරයාගේ නිවෙසේදීම අලුත්වැඩියා කර ඇති අතර එහි තිබූ අලුත්වැඩියා නොකළ හැකි කොටසක් සම්බන්ධයෙන් එම කාර්මික ශිල්පියා මන්ත්‍රීවරයාට කරුණු පැහැදිලි කර දී තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් උරණ වූ මන්ත්‍රිවරයා තම ගරාජයට පැමිණ තම බිරියද ඉදිරියේ තමන්ට යකඩ පොල්ලකින් පහරදුන් බව කාර්මික ශිල්පියා පොලිසියට සඳහන් කර තිබෙනවා.
සිද්ධියෙන් තුවාල ලැබූ ගරාජ හිමිකරුවා කැකිරාව රෝහලට ඇතුළත් කර පසුව එදිනම රාත‍්‍රියේ අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරු කර යවා තිබෙනවා.

EmoticonEmoticon