අයි.පී.එල්. ක‍්‍රිකට් තරගාවලියේ ඊයේ (22) පැවති තරගයකින් රයිසින් පූනේ සුපර් ජයන්ට්ස් කණ්ඩායම ලකුණු 13කින් පරාජය කිරීමට රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායම සමත් වුණා.පළමුවෙන් පන්දුවට පහරදුන් බැංග්ලෝර් කණ්ඩායම නියමිත පන්දුවාර 20දී කඩුලූ 3ක් දැවී ලකුණු 185යි. නායක විරාට් කෝලි පන්දු 63කදී ලකුණු 80ක්ද, ඒ.බී. ඩිවිලියස් පන්දු 46කදී ලකුණු 83ක්ද ලබාගත්තා.
පිළිතුරු ඉනිම ක‍්‍රීඩා කළ පූනේ කණ්ඩායම නියමිත පන්දුවාර 20දී කඩුලූ 8ක් දැවී රැස්කරගත්තේ ලකුණු 172ක් පමණයි. තිසර පෙරේරා පන්දු 13කදී ලකුණු 34ක් ලබාගත්තත්, ජයග‍්‍රහණය සඳහා එය ප‍්‍රමාණවත් වූයේ නැහැ.
0
EmoticonEmoticon