ෆෙඩරල් යෝජනාවට දකුණෙන් විරෝධය

ෆෙඩරල් පාලනයක් ලබාගැනීම සඳහා උතුරු පළාත් සභාව සම්මත කළ යෝජනාව සම්බන්ධයෙන් දකුණේ සංවිධාන කිහිපයක් අප‍්‍රසාදය පළ කරනවා.

බොදුබල සේනා සංවිධානයේ ජාතික සංවිධායක පූජ්‍ය විතාරන්දෙණියේ නන්ද හිමියන් පැවසුවේ වසර 30ක යුද්ධයකින් පසු අසීරුවෙන් පරාජය කළ බෙදුම්වාදී පෙරමුණ මෙම යෝජනාව නිසා නැවත ශක්තිමත් වන බවයි. 

මෙම යෝජනාව නිසා ශ‍්‍රී ලංකාව නමැති ඒකීය රාජ්‍ය දෙකඩ වී රටවල් 2ක් නිර්මාණය වනු ඇතැයි දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරය අනතුරු අඟවනවා. 


රාවණා බලය සංවිධානයේ කැඳවුම්කරු පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් පවසන්නේ මෙම යෝජනාව උතුරු පළාත් සභාව විසින් වහාම ඉවත් කරගත යුතු බවයි. නැතහොත් නැවත ලේ වැගිරීමක් සිදුවිය හැකි බවද උන්වහන්සේ කියා සිටියා.
 

උතුර සහ නැගෙනහිර යන පළාත් සභා ඒකාබද්ධ කළ යුතු බවද උතුරු පළාත් සභාව විසින් සම්මත කෙරුණු ප‍්‍රශ්නගත යෝජනාවේ සඳහන්.

මෙම යෝජනාව පළාත් සභාව වෙත ඉදිරිපත් කළේ උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා විසින්. දෙමළ ජාතික සන්ධානයේ සියලූ මන්ත‍්‍රීවරුන් ඊට එකඟතාව පළ කළා. ඉදිරියේදී මෙම යෝජනාව ව්‍යවස්ථාදායක සභාව වෙත භාරදීමට නියමිතයි. 
 


EmoticonEmoticon