තවත් සුපිරි රගර් ක්‍රීඩකයෙක් හදිසියේ මියයයි..!

ශ්‍රී ලංකා රගර් කණ්ඩායම සහ  මහනුවර රගර් කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයකු වූ සජිත් මල්ලිකාරච්චි මහතා හදිසියේ අභාවප්‍රාප්ත වී  තිබෙනවා. ඔහු මිය යන විට ඔහු 37වන වියේ පසුවූණා. මල්ලිකාරච්චිගේ මරණයට හේතුවී ඇත්තේ හෘදයාබාධයක් බවටයි දැගන්නට ලැබෙන්නේ.

ඔහු 2005/2006 සමයේ මහනුවර රග්බි කණ්ඩායමේ නායකත්වයද උසුලා තිබෙනවා. 1997 වසරේදී කොළඹ ඉසිපතන විද්‍යාලයේ රගර් කණ්ඩායමේ නායකයාද වූ සජිත් මල්ලිකාරච්චි ඝාතනයට ලක්වූ වූ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ සමකාලිනයෙකු වනවා. දෙදෙනාම එකම සමයේදී ක්‍රීඩා සමාජ තරඟවලට සහභාගී වූවන් වනවා

සජිත්ගේ උපන්ගම වන්නේ මහනුවර නිත්තවෙලයි. ඔහු මියයන විට පදිංචිව සිට ඇත්තේ මහරගම ප්‍රදේශයේය.
  




EmoticonEmoticon