ශ්‍රීලංකන් ගුවන් සේවය පුද්ගලීකරණය කිරීම වළක්‌වා ගැනීම සඳහා එම ගුවන් සේවයේ සියලුම සේවක පාර්ශව එක්‌ව ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයක් ඇතිකරගෙන තිබෙනවා.
මෙම සන්ධානයට එහි සියලු වෘත්තීය සමිති හා පාර්ශව අයත් වන අතර ශ්‍රීලංකන් ගුවන් සේවය පුද්ගලීකරණය සඳහා රජය පියවර ගතහොත් මේ සියලු පාර්ශ්ව එක්‌ව දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ගැනීමට නියමිතයි.
ශ්‍රීලංකන් ගුවන් සේවය ලාභදායී ලෙස පවත්වාගෙන යෑමට පෙර පැවැති පරිපාලනයට මෙන්ම වත්මන් පරිපාලනයට ද කිසිම සැළැස්මක් හෝ ආර්ථික දැක්‌මක් නොමැති බවයි වෘත්තීය සමිති පවසන්නේ.
ශ්‍රීලංකන් ගුවන් සේවය සම්බන්ධයෙන් අනාවරණය කෙරුණු බැලුම්ගල වැඩසටහන පහතින් ඇසිය හැකියි.

EmoticonEmoticon