නව පොලිස්පතිවරයා පත් කිරීම නීතිවිරෝධී මෙන්ම සදාචාරාත්මක නොවන බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා. අද (19) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
නව පොලිස්පතිවරයා තෝරාපත් කර ගත් ආකාරය සදාචාරාත්මක නොවන්නේ ඇයි ද යන්න පිළිබඳව උදය ගම්මන්පිල මහතා කරුණු පැහැදිලි කළේ මෙලෙසයි.
"අද ව්‍යවස්ථාදායක සභාව ජනතා පැතුම වගේම පාර්ලිමේන්තුවේ පැතුමත් බොඳ කරලා තියෙනවා. මූණ කචල් ඇඟ සුරතල් ක්‍රමයට පොලිස්පති නීතිපති වගේ තනතුරු තෝරන්න බැහැ. මාත් එක්ක උදේට ගුඩ් මෝනිං සර් කියනවද.. මම නියෝගයක් දුන්නම කීකරු ගෝලයෙක් වගේ ඉටු කරනවද..මේවා නිර්නායක කරගෙන තෝරන්න බැහැ.
ව්‍යවස්ථාදායක සභාවේ ජනාධිපති නියෝජිත වන පාඨලී චම්පික ඇමතිවරයා පොලිස් විමර්ශන 4 ක සැකකරුවෙක්. ඒ නිසා ඔහු මෙහි වාඩි වෙලා අනාගත පොලිස්පතිවරයා තේරීම හොරාගෙ අම්මගෙන් පේන ඇසීමක් නෙමෙයි හොරාගෙන් පේන ඇසීමක් වගේ වැඩක්"

EmoticonEmoticon