ඇඹිලිපිටිය සිද්ධියේ වාර්තාවක් පොලිස්පති අතට

සාදයක් අතරතුරදී ඇඹිලිපිටිය පොලීසියේ නිලධාරීන් සමග ඇතිකර ගත් ගැටුමකදී මියගිය බව කියන සුමිත් ප‍්‍රසන්නගේ මරණය සම්බන්ධයෙන් පොලිස් කොමිසම පැවැත්වූ පරීක්‍ෂණයේ වාර්තාව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වෙත භාරදී තිබෙනවා.

එම කොමිසමේ ලේකම් ආරියදාස කුරේ මහතා සඳහන් කළේ වාර්තාවේ කරුණු පදනම් කර ගනිමින් පොලිස්පතිවරයා විසින් ඊට අදාළ ඉදිරි කි‍්‍රයාමාර්ග ගනු ඇති බවයි. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කිරීම සදහා නිලධාරීන් තිදෙනෙකුගෙන් යුත් කමිටුවක් පොලිස් කොමිසම මගින් පත් කෙරුණා.

ඔවුන් අදාළ ප‍්‍රදේශයට ගොස් ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකළා. සිද්ධියට සම්බන්ධ පාර්ශ්වවලින් ලබාගත් තොරතුරු සහ විස්තර ඇතුළත් කර අදාළ වාර්තාව සකස් කර තිබෙනවා. 


EmoticonEmoticon