දෙමළ ජාතික සන්ධානයෙන් බලහත්කාරකමක්

දෙමළ ජාතික සන්ධානයේ නායක සහ විපක්‍ෂ නායක ආර්. සම්බන්ධන් මහතා ඇතුළු එම පක්‍ෂයේ මන්ති‍්‍රවරුන් පිරිසක් කිලිනොච්චියේ පිහිටි යුද හමුදා කදවුරකට බලහත්කාරයෙන් ඇතුළුවීමට උත්සාහ දැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් යුද හමුදාව ශී‍්‍ර ලංකා පොලීසියට පැමිණිල්ලක් කර තිබෙනවා.
 
කිලිනොච්චි ආඥාපති මේජර් ජෙනරාල් කමල් කරුණාසේකර මහතා විසින් උතුරු පළාත් ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ෆ‍්‍රෑන්ක්ලින් ප‍්‍රනාන්දු මහතා වෙත අදාළ පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඉකුත් 16 වෙනිදා හෝ ඊට ආසන්න දිනකදී දෙමළ ජාතික සන්ධාන නායක ආර්. සම්බන්ධන් මහතා ඇතුළු එම පක්‍ෂයේ මන්තී‍්‍රවරුන් පිරිසක් සහ සිවිල් සංවිධාන නියෝජිතයන් කිහිප දෙනෙකු කිලිනොච්චි පරවිපච්චාන්හි පිහිටි ගජබා රෙජිමේන්තුවට අයත් බලඇණි මූලස්ථානයට බලහත්කාරයෙන් ඇතුළුවී තිබෙනවා.

තම ජනතාවගේ මුල් ඉඩම්වල අදාළ බලඇණි මූලස්ථානය පවත්වාගෙන යන බවත් එම ඉඩම් තමන්ට නිරීක්‍ෂණය කළයුතු බව පවසමින් ඔවුන් මෙලෙස ඇතුළු වී ඇති බවයි වාර්තා වන්නේ. 


EmoticonEmoticon