විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා අත්අඩංගුවට ගතහොත් උතුරේ සහ නැගෙනහිර කලබල ඇති විය හැකි බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී. රාධක‍්‍රිෂ්ණන් මහතා පවසනවා.
විපක්ෂ නායකවරයා ඉකුත් දා කිලිනොච්චිය පරෙවිපච්චාන් හි පිහිටි යුද හමුදා කඳවුරකට ඇතුළුවීමෙන් පසු පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා කියා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගත යුතු බවයි.
ඊට ප‍්‍රතිචාර දක්වමින් වී. රාධක‍්‍රිෂ්ණන් මහතා ඉහත අදහස් පළ කළා.
අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී රාධක‍්‍රිෂ්ණන් මහතා මෙම අදහස් පළ කළේ කඳුරට ජනතා පෙරමුණේ යටියන්තොට කාර්යාලය විවෘත කිරීම වෙනුවෙන් ඊයේ පැවති උත්සවයකදීයි.
EmoticonEmoticon