අම්බලන්ගොඩ ගල්දූව දුම්රිය හරස් මාර්ගය අසලදී දුම්රියට බිලිවී ජිවිතක්ෂයට පත් මවගේ සහ දරුවාගේ අනතුර පිළිබඳව පැතිර යන ආරංචි අසත්‍ය බව එම පවුලේ හිතවතුන් පවසනවා.
මාතර සිට මරදාන බලා ධාවනය වෙමින් තිබූ දුම්රිය, හරස් මාර්ගය සමීපයට ළඟාවීමත් සමග එහි සිටි දුම්රිය ගේට්‌ටු මුරකරු ලණුවක් ඇද පාර වසා දැමූ බවට මේ වනවිට ආරංචි පැතිර ගොස් තිබෙනවා.
උදයංගි එම රේල් ගේට්‌ටුව හරහා යෑමට සූදානම් වීමත් සමග මුරකරු එන්න එපා කියා කෑගැසූ බවයි එම ආරංචි මගින් පැවසුනේ.
එහෙත් මියගිය උදයංගනී ගෝමස් මහත්මියගේ සොහොයුරෙක් www.nethfm.com වෙත කියා සිටියේ අනතුර සිදුවන විට එම මුරකරු අදාළ ස්ථානයේ නොසිටි බවයි.
මේ බව වාර්තා වීමත් සමග මුරකරුට ප්‍රදේශවාසීන් පහරදී ඇති අතර ඔහු ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් ද කර තිබෙනවා.
ඔහුට පහරදුන් පිරිස සොයා පොලිසිය ගමට පැමිණි බවද ඔහු සඳහන් කළා.
අවසානයේ දී මුරකරු තම පැමිණිල්ල ඉවත් කර ගැනීමට කැමැත්ත පළ කළ බවයි වාර්තා වන්නේ.
එමෙන්ම මරණ පරීක්ෂණය පැවැත්වුණු අවස්ථාවේ ප්‍රකාශ වූ කරුණු ද ඇතැම් මාධ්‍ය වැරදි ලෙස ප්‍රචාරය කළ බවයි උදයංගනී ගෝමස් මහත්මියගේ පවුලේ හිතවතුන් සඳහන් කළේ.

EmoticonEmoticon