අස්ගිරි මහා විහාර පාර්ශවයේ අනුනායක ධුරය සඳහා සුදුසු භික්ෂුන් වහන්සේ නමක් තෝරා පත්කර ගැනීම අද (27) සිදු කෙරෙනවා. එ් සඳහා අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඥානරතන නාහිමිපාණන්ගේ ප‍්‍රධානත්වයෙන් අස්ගිරි මහා විහාර කාරක සංඝ සභාව අස්ගිරි මහා විහාර මංගල උපෝසථාගාරයේදි අද (27) රැස්වීමට නියමිතයි.
දැනට පුරප්පාඩු වී පවතින අස්ගිරි අනුනායක ධුරය සඳහා කාරක සංඝ සභාව නියෝජනය කරන ස්වාමීන් වහන්සේලා දෙදෙනෙකු ඉදිරිපත් වී තිබෙනවා.
අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී අනුරාධපුර භික්ෂු විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ශාස්ත‍්‍රපති ආනමඩුවේ ධම්මදස්සි නාහිමියන් සහ මහියංගණ රජමහා විහාර භාරකාර ශාස්ත‍්‍රපති උරුලෑවත්තේ ධම්මරක්ඛිත නාහිමියන් එම භික්ෂුන් වහන්සේලා දෙනමයි.
මෙම නාහිමිපාණන් වහන්සේ දෙනම අස්ගිිරි පාර්ශ්වයේ මහා නායක ධුරය හෙබ වූ අපවත් වී අදාළ උඩුගම ශී‍්‍ර බුද්ධරක්ඛිත සහ අපවත් වී වදාළ ගලගම ශී‍්‍ර අත්ථදස්සි යන නාහිමිවරුන්ගේ ප‍්‍රධාන ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ දෙනමක් වනවා.
EmoticonEmoticon