සිනමාවේ මිණි පහනක් නිවී යයි..!

ප්‍රවීන සිනමාවේදී ආචාර්ය ඩී.බී නිහාල්සිංහ මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඔහු චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්, විශිෂ්ඨ කැමරා ශිල්පියෙක්, සිනමා ගුරුවරයෙක් ලෙස ගෞරවයට පාත්‍රවූවෙක් වනවා. 

මෙරට විකාශය වූ පළමු ටෙලිනාට්‍ය වන දිමුතුමුතු  නාට්‍ය යේ අධ්‍යක්ෂවරයා වන්නේද නිහාල්සිංහ මහතාය.

1939 මැයි 27 දා උපන් නිහාල්සිංහ මහතා මියයනවිට 77 වියෙහි පසුවූවා. 

ඔහු ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති ධුරය ඇතුළු චිත්‍රපට කර්මාන්තය හා සම්බන්ධ තනතුරු රැසක් දරා තිබෙනවා. ඔහු මෙරට ඉමහත් ගෞරවයට පත් පුවත්පත් කතුවරයෙකු වන ඩී.බී ධනපාල මහතාගේ පුත්‍ර යෙකි


EmoticonEmoticon