කොළඹ කුණුවලින් රටට විදුලිය!

බස්නාහිර පළාතේ කුණු කසළ ප්‍රශ්නය විසඳීම පිණිස රටවල් 15 ක පමණ සමාගම් 150 ක් කැමැත්ත පළ කර අලුත් ව්‍යාපෘති යෝජනා 200 ක් පමණ ඉදිරිපත් කර ඇතැයි බස්නාහිර පළාත් ප්‍රධාන ඇමැති ඉසුර දේවප්‍රිය මහතා පවසනවා.


ඒ අනුව මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි හා විද්වත් මණ්ඩලයක අධීක්ෂණය යටතේ මෙම යෝජනා පිළිබඳව සලක‍ා බලා මෙම ගැටලුව විසඳීමට ඉක්මනින් ම කටයුතු කරන බව ද මහ ඇමැතිවරයා සඳහන් කළා.


නව කුණු කසළ ගැටලුව විසඳීමේ වැඩපිළිවෙළ යටතේ මීතොටමුල්ල කුණු කසළ එම ස්ථානයේදීම ප්‍රතිචක්‍රීකරණය හා දහනය කිරීමේ සුවිශේෂී යන්ත්‍රයක් මෙරටට ගෙන්වන බවත් කරදියාන හා බස්නාහිර පළාතේ අනෙක් ස්ථානවල ඇති කුණු කසළ මඟින් විදුලිය නිපදවීම ඉහත ව්‍යාපෘති මඟින් සිදුකරන බවත් මහ ඇමැතිවරයා පෙන්වා දෙනවා.


මෙම නව ව්‍යාපෘති යෝජනා අනුව කුණු කසළ මෙට්‍රික් ටොන් 500 ක් මඟින් මෙගා වොට් 10 ක විදුලියක් නිපදවීමට හැකි බව විදුලි ඉංජිනේරුවෝ පවසනවා.


මේ අතර මෙම ව්‍යාපෘති යෝජනා ඉදිරිපත් කර ඇති රටවල් අතර ඇමෙරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ජර්මනිය, චීනය හා කොරියාව සිටින බව යි මහ ඇමැතිවරයා කියා සිටියේ.


EmoticonEmoticon