වල්ලපට්ටා සමග පස්දෙනෙක් කොටු

කන්නෙළිය රක්ෂිත වනාන්තරයෙන් කපන ලද වල්ලපට්ටා සහ වෙනිවැල් තොගයක් අත්අඩංගුවට ගැනීමට කන්නෙලිය රක්ෂිත වනාන්තරය ආශ්‍රිත වන නිලධාරින් සමත්ව තිබෙනවා.

වල්ලපට්ටා කිලෝ 15ක් සහ වෙනිවැල් කිලෝ 150ක් මේ අතර වන බවයි නෙත් නිව්ස් වාර්තාකරු පැවසුවේ.

මේ සම්බන්ධයෙන් සැකකරුවන් 05 දෙනකු අත්අඩංගුවට ගෙන තිබෙන අතර මොවුන් පැලවත්ත සහ ගල්ලන්දල ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි නෙත් නිව්ස් වාර්තාකරු වැඩිදුරටත් පැවසුවේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ උපකරණ උඩුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.





EmoticonEmoticon