මෙම වසරේ මුල් මාස තුන ඇතුළත ඒඞ්ස් රෝග කාරක එච්.අයි.වී. ආසාධිතයින් 68 දෙනෙකු ශ‍්‍රී ලංකාවෙන් අලුතෙන් හඳුනාගත් බව ජාතික ලිංගාශ‍්‍රිත රෝග සහ ඒඞ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතා පවසනවා.
හඳුනාගත් පිරිමි ආසාධිතයින්ගෙන් වැඩිම පිරිසකට මෙම ආසාධනය සිදුව ඇත්තේ සමලිංගික එක්වීම් නිසා බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.
ගණිකා වෘත්තියේ යෙදුණු බවට සැකපිට වැල්ලවත්ත ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගත් තායිලන්ත කාන්තාවන් දෙදෙනෙකුට ද එච්.අයි.වී. ආසාධනය වී ඇතැයි ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
මෙම කාන්තාවන් දෙදෙනා ලබන 6 වෙනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගල්කිස්ස මහේස්ත‍්‍රාත් අධිකරණය ඊයේ (25) නියෝග කළ බවයි අදාළ වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.
නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් ද වෛද්‍ය සිසිර ලියනගේ මහතාගෙන් විමසා සිටියා. ඔහු කියා සිටියේ කිසිවෙකු සම්බන්ධයෙන් සිදුකරන එච්.අයි.වී. පරීක්ෂණයක දත්ත රහසිගත බවයි. අධිකරණ නියෝගයක් අනුව අධිකරණය වෙත දැනුම් දුනහොත් මිස එම තොරතුරු හෙළි කළ නොහැකි බවද ඔහු කියා සිටියා.
කෙසේ වෙතත් බන්ධනාගාරගත රැඳවූවන් අතර ද එච්.අයි.වී. ආසාධිතයින් හඳුනාගෙන තිබෙන බවයි වෛද්‍ය සිසිර ලියනගේ මහතා වැඩිදුරටත් කියා සිටියේ. ඔවුන් වෙනුවෙන් විශේෂ වැඩසටහන් කි‍්‍රයාත්මක බවද ඔහු පැවසුවා.
ඒඞ්ස් රෝගකාරක එච්.අයි.වී. ආසාධනය සිදුවන ප‍්‍රධාන ක‍්‍රමය ලෙස හඳුනාගෙන ඇත්තේ අනාරක්ෂිත ලිංගික එක්වීම්. එවැනි ලිංගික එක්වීම්වලින් වළකින ලෙස මෙහිදී නැවත ඉල්ලීමක් කෙරුණා.

EmoticonEmoticon