සජින් වාස් ජනපති සමග අම්බලන්ගොඩදී වේදිකාවේ (PHOTOS)

ශක්තිමත් ආණ්ඩුවක් නිර්මාණය කිරීමට නම් හොඳ පක්‍ෂයක් තිබිය යුතු බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ ආණ්ඩු කරවීමේදී සිදුවන වැරදි සහ අතපසුවීම් සම්බන්ධයෙන්  ඕනෑම පක්‍ෂයක් පසුවිපරමක් සිදුකළ යුතු බවයි. ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ අම්බලන්ගොඩ ආසන බලමණ්ඩල රැස්විමට ඊයේ (23) පස්වරුවේ එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියාසිටියා.

ජනතාව තුළ ඇති ප‍්‍රශ්න නිසි පරිදි හඳුනා ගැනීම දේශපාලනඥයන්ගේ වගකීමක් වියයුතු බවයි ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේ.
 
ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ අම්බලන්ගොඩ ආසන බලමණ්ඩල රැස්වීමට හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර සජින් වාස් ගුණවර්ධන මහතාද එක්ව සිටියා. ඉකුත් ආණ්ඩුව සමයේ සිදුවූ අක‍්‍රමිකතා කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින සජින් වාස් ගුණවර්ධන මහතා මාස කිහිපයක් රක්‍ෂිත බන්ධනාගාරගතව සිටියා.

ඉකුත් මහමැතිවරණයෙන් පසු පළමු වරට ඔහු දේශපාලන වේදිකාවක පෙනී සිටියේ ඊයේ දිනයේයි. ගාල්ලේදී පැවැත්වීමට නියමිත ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ මැයි දින රැළියේ සංවිධාන කටයුතුද සජින් වාස් ගුණවර්ධන මහතාට භාරදී ඇතැයි වාර්තා වනවා.     






EmoticonEmoticon