ලොවම කම්පා වූ නේපාල භූ කම්පනයට දැන් වසරක් ඉක්ම ගොස් ඇතත් එයින් අවතැන් වූ දස ලක්ෂ සංඛ්‍යාත පිරිසක් තවමත් තාවකාලික පැල්පත්වල දුකෙන් කල් ගෙවන බව ජාත්‍යන්තර ආධාර සංවිධාන පවසනවා.
ආණ්ඩුවේ ඇතැම් රෙගුලාසි හේතුවෙන් පරිත්‍යාගශීලීන්ට එරට වැසියන් සඳහා සෘජුව මුදල් ආධාර ලබාදීමට නොහැකි වී තිබෙන බවයි රතුකුරුස සංවිධානය කියා සිටියේ.
ප‍්‍රතිසංස්කරණ කටයුතු ප‍්‍රමාද වී තිබෙන්නේ ද ඒ නිසා බව ඔවුන් පවසනවා. කෙසේ වෙතත් නේපාල නාගරික සංවර්ධන අමාත්‍යංශය පැවසුවේ ආණ්ඩුවේ අධීක්ෂණයක් නොමැතිව සහන ව්‍යාපෘති කි‍්‍රයාත්මක කෙරුණහොත් විනාශකාරී ප‍්‍රතිඵල අත්විය හැකි බවයි.
EmoticonEmoticon