උතුරු නැගෙනහිර පළාත්වලට ෆෙඩරල් පාලන ක‍්‍රමයක් ඉල්ලා සිටියේ දෙමළ ජනතාවගේ අවශ්‍යතා අනුව බව උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා පවසනවා.
දකුණේ දේශපාලන බලවේග රටතුළ පවතින තත්ත්වය තේරුම් ගෙන ඊට දක්වන විරෝධය ක‍්‍රමයෙන් අඩු කරනු ඇතැයි යන්න තම විශ්වාසය වන බවද උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා කියා සිටියා.
ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (26) යාපනයේ සංචාරයක නිරත වූ ස්වීඩනයේ විදේශ අමාත්‍යවරිය වන මාර්වෝ වෝල්ස්ටෝම් මහත්මිය හමුවූ අවස්ථාවේදීයි.
දෙමළ ජනතාව වෙනුවෙන් ෆෙඩරල් පාලන ක‍්‍රමයක් ඉල්ලා සිටියත් දකුණේ ජනතාව හා දේශපාලන පක්ෂ ඊට තදින්ම අකමැති බැවින් එය සඵලවනු ඇතැයි විශ්වාසයක් තැබිය හැකි දැයි ස්වීඩන් විදේශ අමාත්‍යවරිය විග්නේෂ්වරන් මහතාගෙන් විමසා තිබෙනවා.
ඊට ප‍්‍රතිචාර ලෙසයි උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා ඉහත කරුණු දක්වා ඇත්තේ.
EmoticonEmoticon