රට පනින රත්රන් ගැන ජනපතිගේ අවධානය

ශ‍්‍රී ලංකාවෙන් නීත්‍යානුකූල නොවන මාර්ග ඔස්සේ රත්රන් විදේශගත කිරීමේ ජාවාරම මැඩලීමට වහාම පියවර ගන්නැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා බලධාරීන්ට නියෝග කර තිබෙනවා.

ඒ, ඊයේ (19) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකදීයි. මුදල් අමාත්‍යාංශයේ සහ මහා භාණ්ඩාගාරයේ ප‍්‍රධානීන්, ත‍්‍රිවිද හමුදා සහ පොලිස් ප‍්‍රධානීන්, නීතිපති දෙපාර්තමේන්තුව, රාජ්‍ය සහ පෞද්ගලික බැංකු ප‍්‍රධානීන් ඇතුළු නිළධාරීන් පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටි බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය පැවසුවේ.

එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ රත‍්‍රන් ජාවාරම්කරුවන් විසින් රටින් පිට කිරීමට, රත‍්රන් වැඩි වශයෙන් මිලදී ගනු ලබන්නේ බැංකුවල වෙන්දේසිවලින් බවයි. 

මෙම ජාවාරම මැඩලීමට කඩිනමින් සහ සංවිධානාත්මකව ක‍්‍රියාමාර්ග ගැනීම වැදගත් වන බවද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා. 
 


EmoticonEmoticon