ශ්‍රී ලංකාව තුළ රාජ්‍ය දෙකක්‌ - උඩරට සහ නැගෙනහිර ස්වාධීනයි -

ශ්‍රී ලංකාව තුළ රාජ්‍ය දෙකක්‌ පිහිටුවන ලෙස උතුරු මහ ඇමැති සී. විග්නේශ්වරන් මහතා රජයට යෝජනා කර තිබෙනවා.


උතුරු නැගෙනහිර සඳහා එක්‌ රාජ්‍යයක්‌ හා අනිකුත් පළාත් හත සඳහා තවත් රාජ්‍යයක්‌ ද ස්‌ථාපිත කරන ලෙස ඔහු දන්වා ඇති බවයි වාර්තා වන්නේ.


එසේම මුස්‌ලිම් ජනතාව වෙසෙන නැගෙනහිර ප්‍රදේශ හා උඩරට වතු ජනතාව ජීවත්වන ප්‍රදේශ ස්‌වාධීන ප්‍රදේශ  ලෙස නම් කළ යුතු බවද විග්නේශ්වරන් මහතා රජයට යෝජනා කර තිබෙනවා.


මේ යෝජනා විග්නේශ්වරන් විසින් ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්බන්ධන්ට බාරදී ඇති බවයි පැවසෙන්නේ.


එසේම උතුරු නැගෙනහිර වෙනම රටක්‌ විය යුතු බවද විග්නේශ්වරන් සිය යෝජනාවලියේ සඳහන් කර ඇති අතර උතුරු නැගෙනහිර සියලුම පරිපාලන ලියවිලි ද්‍රවිඩ භාෂාවෙන් සකස්‌ කළ යුතු බවත් පොලිස්‌ බලතලද ලබාදිය යුතු බවත් එහි සඳහන්.


(උපුටා ගැනීම දිවයින/කීර්ති වර්ණකුලසූරිය)



EmoticonEmoticon