එජාප ඉතිහාසයේ දැවැන්තම මැයි රැළිය මෙවර

දේශපාලන පක්‍ෂ නොවන කුඩා කණ්ඩායම්වල මැයි රැළි පිළිබදව කතා කිරීම කිසිසේත් ඵලදායි නොවන බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසනවා. 

ඔහු පෙන්වා දෙන්නේ එක්සත් ජාතික පක්‍ෂය ඉතිහාසයේ සංවිධාන කළ දැවැන්තම මැයි දින රැළිය මෙවර සංවිධාන කරන බවයි. ගාල්ල දිස්ති‍්‍රක් ආසන සංවිධායකවරුන් සමග පැවති සාකච්ඡාවකදි වජිර අබේවර්ධන මහතා මේ බව කියසිටියා.

ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය සිය මැයි රැළිය පැවැත්වීම සඳහා තෝරාගෙන ඇත්තේ ගාල්ල නගරයයි. එක්සත් ජාතික පක්‍ෂය කොළඹදී මැයි දින රැළිය පවත්වන නිසා කිසිඳු බාධාවකින් තොරව ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයට ගාල්ලේදී සාර්ථක මැයි රැළියක් පැවැත්විය හැකි බවයි වජිර අබේවර්ධන මහතා ප‍්‍රකාශ කළේ.


EmoticonEmoticon