අලි ඇතුන් රැක ගැනීමට කෙන්යාවේ සාකච්ඡාවක්

අලි ඇතුන් රැක ගැනීම සඳහා ඉදිරි සැළසුම් සකස් කිරීමට අපි‍්‍රකානු රටවල නියෝජිතයන් මේ දිනවල සාකච්ඡාවක් පවත්වනවා. මෙම සාකච්ඡාව පැවැත්වෙන්නේ කෙන්යාවේදීයි.

අනවසර ඇත් දළ වෙළෙඳාම අලි ඇතුන්ට තර්ජනයක් වී ඇතැයිද එය නතර කිරීමට දැඩි පියවර ගත යුතු බවද සාකච්ඡාව ආරම්භ කරමින් කෙන්යානු ජනාධිපති උහුරු කෙන්යාටා කියා සිටියා. 

සන්නද්ධ පිරිස් අපි‍්‍රකානු රටවල අලි රංචු වට කරමින් දඩයමේ යෙදෙන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ. එම සන්ද්ධ පිරිස්වලට ජාත්‍යන්තර වෙළෙඳපොළ සමග සම්බන්ධතා තිබෙන බවටද හඳුනාගෙන ඇතැයි වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණා.


EmoticonEmoticon