ජනපති ඇරඹූ වකුගඩු අරමුදලට මිලියන 500ක්

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විසින් ආරම්භ කරන ලද වකුගඩු අරමුදලට මේ වන විට රුපියල් මිලියන 500ක් පමණ එකතු වී ඇතැයි වාර්තා වනවා.

මෙම අරමුදල යොදාගෙන වකුගඩු රෝගින් වෙනුවෙන් අනුරාධපුර ශික්ෂණ රෝහල අසල විශ‍්‍රාම ශාලාවක් ඉදිකිරීමට සැලසුම් කර තිබෙන බවයි වකුගඩු නිවාරණ ජනාධිපති කාර්යසාධක බලකායේ ප‍්‍රධානී අසේල ඉද්දවල මහතා බී බී සී ලෝක සේවයට ප‍්‍රකාශ කර ඇත්තේ.

මේ ආකාරයේ විශ‍්‍රාම ශාලා මාලිගාවත්ත හා මහනුවර ප‍්‍රදේශවල ඉදිකරන බව ඔහු වැඩිදුරටත් ප‍්‍රකාශ කර තිබෙනවා.

ප‍්‍රතිකාර ගැනීමට පැමිණෙන වකුගඩු රෝගීන් නවාතැන් ගැනීමට තැනක් නොමැතිවීමෙන් දැඩි සේ පීඩාවට පත් වන බවයි අසේල ඉද්දවල මහතා පෙන්වා දෙන්නේ.

විශ‍්‍රාම ශාලා ඇති කිරීමෙන් එවැනි පීඩා අවම කිරීමට හැකිවනු ඇතැයි විශ්වාසය පළ වනවා


EmoticonEmoticon