දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වූ මෝටර් රථයක් ගිනිගෙන විනාශ වී තිබෙනවා.
පොලිසිය පැවසුවේ මිල්ලනිය පොලිස් වසමට අයත් කිලෝමීටර් 18 යි දශම එක කණුව ආසන්නයේදී මෙම ගිනි ගැනීම සිදුව ඇති බවයි.
රියදුරු පමණක් මෝටර් රථයේ ගමන් කර ඇති අතර ඔහුද ජිවිතය බේරාගෙන තිබෙනවා. ගිනි ගැනීමට හේතුව කාර්මික දෝෂයක් බවයි පොලීසිය සැක කරන්නේ.
EmoticonEmoticon