විග්නේෂ්වරන්ගේ ඉල්ලීමක් ඉවත දමයි

උතුරු නැගෙනහිර පළාත්වලට ආධාර ලබාදෙන ලෙස උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් මහතා කළ ඉල්ලීමක් ස්වීඩනයේ විදේශ කටයුතු අමාත්‍ය මාර්ගෝ වෝල්ස්ටෝම් මහත්මිය ප‍්‍රතික්‍ෂේප කර තිබෙනවා.

 
ශී‍්‍ර ලංකාව මධ්‍යම පාන්තික ආර්ථිකයක් ඇති තත්වයට සංවර්ධනය වී ඇති බැවින් අදාළ පළාත්වලට විශේෂයෙන් ආධාර කිරීමට නොහැකි බවයි ඇය පෙන්වාදී ඇත්තේ.

දිවයිනට පැමිණ සිටින ස්වීඩන් විදේශ කටයුතු අමාත්‍යවරිය ඊයේ (26) යාපනයේ සංචාරය කළ අවස්ථාවේදී උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා මෙම ඉල්ලීම කර තිබෙනවා.

යුද්ධය අවසන් වී වසර 7ක් ගත වී ඇතත් උතුරු නැගෙනහිර ප‍්‍රදේශ නොදියුණු මට්ටමක පවතින බැවින් විදේශ ආධාර අත්‍යවශ්‍ය බව විග්නේෂ්වරන් මහතා දිගින් දිගටම පෙන්වාදී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

ඊට ප‍්‍රතිචාර දක්වමින් ස්වීඩන් විදේශ අමාත්‍යවරිය ප‍්‍රකාශ කර ඇත්තේ විශේෂයෙන් ආධාර සපයන්නේ නම් ස්වීඩනයේ ඉහළ පෙළේ රාජ්‍ය නායකයින් එ් පිළිබඳ සාකච්ඡා කොට තිරණය කළ යුතු බවයි.


EmoticonEmoticon