ලබන මැයි පළමුවෙනිදායින් පසු නව දේශපාලන වැඩපිළිවෙළක් ආරම්භ කරන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා ඒ බව පැවසුවේ මැදිරිගිරිය ජල සම්පාදන ව්‍යාපෘතියේ පළමු හා දෙවන අදියර ජනතා අයිතියට පත්කිරීම වෙනුවෙන් අද (25) පැවති උත්සවයකදීයි.
ශ‍්‍රී ලංකාව කෙරෙහි මේ වන විට ජාත්‍යන්තර ප‍්‍රජාව ඉහළ විශ්වාසයක් රඳවාගෙන ඇතැයි ද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියා. මේ නිසා ප‍්‍රතිලාභ රැසක් රටට අත්වන බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ.
යුරෝපා කලාපයේ සහ තමන් සහභාගි වූ අනෙක් විදේශීය සංචාරවලින් ද ප‍්‍රතිලාභ රැසක් ශ‍්‍රී ලංකාවට හිමි වූ බව ජනාධිපතිවරයා කියා සිටියා.
විශේෂයෙන්ම මෙම සංචාරවලින් පසු විදේශීය ආයෝජන ප‍්‍රමාණය කැපීපෙනෙන ලෙස වැඩි වී ඇති බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.
EmoticonEmoticon