"සම්බන්ධන් සමාව ගත යුතුයි"

උතුර සහ නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීමේ කිසිඳු අවශ්‍යතාවක් නැතැයි ශී‍්‍ර ලංකා මුස්ලිම් කොංග‍්‍රසය පවසනවා. 

එහි උත්තරීතර මණ්ඩල සාමාජික නැගෙනහිර පළාත් සෞඛ්‍ය අමාත්‍ය මොහොමඞ් නසීර් මහතා පෙන්වා දෙන්නේ උතුර සහ නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරිම එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු නායක වේලුපිල්ලේ ප‍්‍රභාකරන්ගේ අරමුණක් බවයි.
 
එහෙත් උතුරේ හෝ නැගෙනහිර ජනතාවට මේ වනවිට එවැනි අවශ්‍යතාවක් නොමැති බවයි මොහොමඞ් නසීර් මහතා පෙන්වා දෙන්නේ. උතුර හා නැගෙනහිර පළාත් ඒකාබද්ධ කළයුතු බවට වූ යෝජනාවක් උතුරු පළාත් සභාවේදී ඉකුත්දා සම්මත වුණා.

ෆෙඩරල් පාලනයක්ද එමගින් යෝජනා කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීමකදී නැගෙනහිර පළාත් අමාත්‍ය මොහොමඞ් නසීර් මහතා මෙම අදහස් පළ කළා.
 


EmoticonEmoticon