රුසියාවේ කරස්‌නෝයාර්ක්‌ස් නුවර දී පසුගියදා ප්‍රසිඩන්ට් බේක් නමින් හෝටලයක් විවෘත කර තිබෙනවා.
එම හෝටයේ අයිතිකරු ඇමරිකාවට අවමන් වන අයුරින් කළ නිර්මාණයන් රැසක් පිළිබඳව මේ වන විට ආන්දෝලනයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.
එම හෝටලයේ වැසිකිළියට යොදා ඇති බුමුතුරුණේ ආකෘතිය ඇමරිකන් ධජයේ ආකෘතියයි.
එම වැසිකිළියේ තබා ඇති ටොයිලට් පේපර්ස්‌වල ඇමරිකන් ජනපති බැරක් ඔබාමාගේ ඡායාරූපය මුද්‍රණය කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් ඇමරිකානුවන් තුළ දැඩි කනස්‌සල්ලක් හා වෛරයක් ඇති වී ඇති බවයි පැවසෙන්නේ.




EmoticonEmoticon