අධිකරණය සහ වද හිංසා ගැන සොයන්න දෙන්නෙක් දිවයිනට


එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නියෝජිතයන් දෙදෙනෙකු අද (29) දිවයිනට පැමිණීමට නියමිතයි.

අධිකරණ ස්වාධීනත්වය පිළිබඳ විශේෂ නියෝජිත මොනිකා පින්තෝ මහත්මිය එලෙස පැමිණෙන එක් අයෙක්.

වද හිංසා පැමිණවිම පිළිබඳ විශේෂ නියෝජිත හුවාන් මෙන්දොස් මහතාද අද (29) දිවයිනට පැමිණෙනවා. 


ඔවුන් මෙලෙස ශ‍්‍රී ලංකාවට පැමිණෙන්නේ රජයේ ආරාධනයකට අනුව බවයි පැවසෙන්නේ.


දින කිහිපයක් මෙරට රැඳී සිටින ඔවුන් මැති ඇමතිවරුන්, රජයේ නිළධාරීන් ඇතුළු පිරිසක් සමග සාකච්ඡා කිරීමට නියමිතයි.

මෙම විශේෂ නියෝජිතයන් දෙදෙනා උතුරු නැගෙනහිර ඇතුළු ප‍්‍රදේශ කිහිපයක සංචාරය කිරීමටද නියමිතව ඇති බවයි වාර්තා වන්නේ. 
- See more at: http://nethfm.com/article/104755#sthash.oD1gyrjd.dpuf


EmoticonEmoticon