පක්ෂයේ සාමූහික තීන්දු හා වගකීම කඩකරන පුද්ගලයන් සම්බන්ධයෙන් තමා පෞද්ගලිකව තීන්දු නොගන්නා බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.
අද (27) පෙරවරුවේ මෙරට මාධ්‍ය ප‍්‍රධානීන් මුණ ගැසුනු අවස්ථාවේදීයි ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ.
පෙර පැවති දූෂිත හා මුර්ග පාලනය යළිත් කිසිදිනෙක මෙරට ඇතිවීමට ඉඩ නොතබන බවද ජනාධිපතිවරයා කියා සිටියා.

එම යුගය නැවත බිහිවීම වලක්වාළීම සඳහා ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ලැදි සියලු ජන කොටස් එක්ව බැඳී සිටිය යුතු බවයි මෛත‍්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දුන්නේ.
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ වර්තමාන අර්බුදය පවතින්නේද හොරු හා දූෂිතයන් නිසා බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.
රටේ ජාතික ආරක්ෂාව අනතුරේ වැටීමට තමා කිසිසේත් ඉඩ නොතබන බවද ජනාධිපතිවරයා මාධ්‍ය ප‍්‍රධානීන් හමුවේ අවධාරණය කර සිටියා.
EmoticonEmoticon