ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැළියට පිටියක් නැති වෙයි ශ‍්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයාට එන්තරවාසියක් -

ඒකාබද්ධ විපක්ෂයේ මැයි දින පෙළපාළිය ආරම්භ කිරීම සඳහා වෙන්කර තිබූ නාරාහේන්පිට ශාලිකා ක‍්‍රීඩාංගණය ඒ සඳහා ලබාදීමට නොහැකි බවට හදිසියේම දැනුම් දීමක් ලැබී තිබෙනවා.

මීට එරෙහිව ශාලිකා ක‍්‍රීඩාංගණය අයත් ශ‍්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයාට එන්තරවාසියක් යවා රුපියල් කෝටි 2ක් වන්දි ඉල්ලන බවයි ඒකාබද්ධ වෘත්තීය සමිති බලමණ්ඩලයේ සම ලේකම් සෝමවීර චන්ද්‍රසිරි මහතා පැවසුවේ.


අදාළ වන්දිය දින 14ක් ඇතුළත නොගෙවන්නේ නම් ශ‍්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයාට එරෙහිව නඩු පවරන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 


මේ අතර මෙවර මැයි දිනයේදී තමන් සහභාගි වන්නේ ඒකාබද්ධ විපක්ෂය කිරුළපනදී පවත්වන රැළියට බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (22) නැවත තහවුරු කළා. 


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ බත්තරමුල්ලේ පිහිටි ඔහුගේ කාර්යාලයේ ඊයේ (22) පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.


EmoticonEmoticon