අමෙරිකාවේ ඉන්න ගෝඨා අල්ලන්නැයි ඔබාමාට පැමිණිල්ලක්

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වහාම අත්අඩංගුවට ගන්නැයි අමෙරිකාවේ දෙමළ සංවිධාන දෙකක් එරට ජනාධිපති බැරක් ඔබාමාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ, ටැමිල්ස් ෆෝ ඔබාමා සහ අමෙරිකන් ටැමිල් ෆෝරම් යන සංවිධාන දෙකයි. ගෝඨාභය රාජපක්ෂ මහතා මේ දිනවල අමෙරිකාවේ සංචාරයක යෙදී සිටින බවත් ඒ නිසා ඔහු අත්අඩංගුවට ගැනීමට හොඳම අවස්ථාව මෙය වන බවත් මෙම ඉල්ලීම්වල සඳහන්.

ශ‍්‍රී ලංකාවේ සිදුවූ බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ප‍්‍රධාන වගඋත්තරකරුවෙකු බවද එහි දක්වා තිබෙනවා. 


EmoticonEmoticon