අභිරහස් ලෙස මියගිය බව කියන 15 හැවිරිදි පිරිමි දරුවෙකුගේ මළසිරුරක් මස්කෙළිය ගවරවිල වතුයායට අයත් ස්කාබ්‍රෝ කොටසේ තිබී සොයා ගැණුනා.
පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ මෙම දරුවා මරදාන ප‍්‍රදේශයේ පදිංචි චන්ද්‍රන් විනෝදන් නමැත්තෙකු බවට හඳුනාගෙන ඇති බවයි.
ඔහු ඉකුත් 21 වනදා මස්කෙළිය ස්කාබ්‍රෝ කොටසේ සිය ඥාතියෙකුගේ නිවසකට පැමිණ තිබෙනවා. එදින සිට දින 2 ක් පමණ ඔහු අතුරුදන්ව සිට ඇති බවයි පොලිස් විමර්ශවලදී අනාවරණ වී ඇත්තේ. සිද්ධිය සම්බන්ධයෙන් මස්කෙළිය පොලීසිය වැඩිදුර විමර්ශන මෙහෙයවනවා.

EmoticonEmoticon