එහි කළමනාකරු චරිත් සේනානායක මහතා පැවසුවේ පුහුණුවීම් අතරතුර තුවාල ලැබූ කෞෂාල් සිල්වාට කණ්ඩායමේ සියලූ ක‍්‍රීඩකයින් ඉක්මන් සුව ප‍්‍රාර්ථනා කරන බවයි.

කෙසේ වෙතත් මෙම අනතුර නිසා පුහුණුවීම් සැලසුම් වෙනස් නොකරන බවද ඔහු කියා සිටියා.
එළැඹෙන එංගලන්ත සංචාරය වෙනුවෙන් ක‍්‍රීඩකයින් 20 දෙනෙකුගෙන් යුත් සංචිතයක් මේ වන විට නම් කර තිබෙනවා.
ඔවුන් සහභාගි වන පුහුණු තරගයක් කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී හෙට (26) ආරම්භ වීමට නියමිතයි.
EmoticonEmoticon