මහින්දගේ ඔත්තු බැලූ අයෙකු අත්අඩංගුවට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බත්තරමුල්ලේ පිහිටි කාර්යාලය අසල සැක කටයුතු ලෙස ගැවසුණු පුද්ගලයෙකු පොලිස් භාරයට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කළේ අද (22) දහවල් ඔහු එලෙස අත්අඩංගුවට ගත් බවයි.

හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂකයින් විසින් කළ දැනුම් දීමට අනුව තලංගම පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවා.

මේ වන විට ඔහුගෙන් වැඩිදුර ප‍්‍රශ්න කිරීම් සිදුකරන බවයි පොලිසිය පවසන්නේ


EmoticonEmoticon