අදට යෙදී ඇති මැයි දිනය වෙනුවෙන් කිරුළපනදී පැවැත්වෙන ඒකාබද්ධ විපක්‍ෂයේ මැයි රැළි වේදිකාවට ගොඩවීමට සිටි ශ‍්‍රීලනිප ඇමතිවරුන් තිදෙනෙකු පිළිබඳව රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා සිය ෆේස්බුක් ගිණුමේ සඳහන් කර තිබෙනවා.
එසේ නොකරන ලෙස ඔවුන්ට දැඩි බලපෑම් එල්ලවෙමින් ඇතැයි එම ඇමතිවරුන් ඒකාබද්ද විපක්‍ෂයේ ප‍්‍රධානීන්ට දන්වා ඇති බවයි ඔහු සඳහන් කර ඇත්තේ.
කිරුළපන රැළියට ගියහොත් ඇමති තනතුරු මෙන්ම ආසන සංවිධායක තනතුරු අත්හිටුවන බවටත් උසාවි පොලීසි ගානේ රස්තියාදු වන්නට සිදු වනු ඇති බවටත් පක්ෂයේ ඉහළ තැනකින් පණිවුඩ ලැබුනු බව මෙම අමාත්‍යවරු ඊයේ රාත‍්‍රියේ දන්වා ඇති බවයි එහි වැඩිදුරටත් සඳහන් වන්නේ.

EmoticonEmoticon