පාඨලී එලවන්න ගම්මන්පිල දුම්මලවරම අතට ගනී

පිවිතුරු හෙළ උරුමය විසින් කැඳවන ලද මාධ්‍ය හමුවක් කොළඹදී අද (01) පැවැත්වුණා. එහි නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පවතින දේශපාලන තත්ත්වයන් පිළිබඳ මෙම මාධ්‍ය හමුවේදී සිය අදහස් දැක්වූවා.

ඒකාබද්ධ විපක්ෂය ඉකුත් දා සහභාගි වූ ජිනීවා සංචාරය පිළිබඳ අදහස් දක්වමින්  ඔහු කියා සිටියේ මෙම සංචාරයේදී තමන් අන්තර් පාර්ලිමේන්තු සංගමයේ නියෝජිතයින් හමු වූ බවයි.

ඒකාබද්ධ විපක්ෂයට සිදුව ඇති අසාධාරණය නැවත වරක් ජනතාවට ඒත්තු ගැන්වීමට මෙමගින් හැකි වූ බවද ඔහු කියා සිටියා. 
මෙම සංචාරයේදී උදය ගම්මන්පිල මහතාගේ ගමන් මල්ලක් අස්ථානගත වූ පුවතක් ද ඉකුත් සමයේ මාධ්‍යවල වාර්තා වුණා. ඔහු ඊට දැක්වූයේ මෙවන් ප‍්‍රතිචාරයක්. 

"ඒක ඇත්තෙන්ම සාමාන්‍ය සිද්ධියක්. ගුවන්යානා දෙකක් අතර කාල පරතරය අඩු වුනාම, මගියෙක් පරක් වුනාම ගුවන්යානය පොඩ්ඩක් රඳවගෙන ඉන්නවා. හැබැයි ගමන් මලු පරක්කු වුනාම පසුව ගමන් මල්ල ගේන්න ගුවන්යානය පිටත් වෙනවා.

ඉතිං මීට කලිනුත් මේක මට වෙලා තියෙනවා. ඒක බොහොම බරපතල සිද්ධියක් නෙමෙයි සාමනයෙන් වෙන්න ඉඩ තියෙන කාරණයක්. නමුත් ඒක ප්‍රධාන සිරස්තල බවට පත්වෙලා අපි ඇත්තටම ගියේ මොකද කියන කාරණය යට ගියා වගෙයි මට හිතුනේ".


තමන් කළ පැමිණිල්ල විමසා බැලීමෙන් පසු අන්තර් පාර්ලිමේන්තු සංගමයේ නියෝජිතයින් ශ‍්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳ පුදුමයට පත් වූ බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

ව්‍යවස්ථාදායක සභාවෙන් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා වහාම ඉවත් කළ යුතු බවයි උදය ගම්මන්පිල මහතා වැඩිදුරටත් කියා සිටියේ.

මීළඟ පොලිස්පතිවරයා නම් කිරීමේ බලය ව්‍යවස්ථාදායක සභාවට තිබීමත් අමාත්‍යවරයාගේ නම පොලිස් විමර්ශන 4කට ඈඳී තිබීමත් ඊට හේතුව ලෙස ප‍්‍රකාශ කෙරුණා. 


යාපනය චාවකච්චේරි ප‍්‍රදේශයෙන් ඉකුත් දා සොයා ගැනුණු මරාගෙන මැරෙන ඇ`දුම් කට්ටලය සහ සෙසු පුපුරණද්‍රව්‍ය පිළිබඳව ද මෙහිදී අදහස් පළ කෙරුණා.

උදය ගම්මන්පිල මහතා පැවසුවේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගෙන් ප‍්‍රශ්න කළා සේම මේ පිළිබඳව එම්. සිවාජිලිංගම් මහතාගෙන් ද ප‍්‍රශ්න කළ යුතු බවයි. 

මේ පිළිබඳව ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා ඉකුත්දා කළ ප‍්‍රකාශයකට ද උදය ගම්මන්පිල මහතා අද (04) ප‍්‍රතිචාර දැක්වූවා.

කරුණාසේන හෙට්ටිආරච්චි මහතා ප‍්‍රකාශ කර තිබුණේ මේ ආකාරයේ සොයා ගැනීම් ඉකුත් මාස 3 ඇතුළත දස දහසක් පමණ සිදුකර ඇති බවයි. 

"ඒකනම් පට්ට පල් බොරුවක්. ගනන් හදලා බලන්නකො මාස 03ක් කියන්නේ දින 91ක් දින 91කට 10000ක් ආයුද සොයාගැනීම සිද්ධ වුනානම්, දවසකට ආයුද සොයාගැනීම් 100කට වඩා සිද්ධ වෙලා තියෙනවා.

එහෙනම් මේ පහුගිය මාස 03 විතරක් මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල දස දහසකට වඩා හම්බවෙලා තියෙන්න ඕනේ. එහෙම හම්බවුණා කියන්නේ, මහා දැවැන්ත අනතුරක් අත ලඟ කියලයි".



EmoticonEmoticon