සොරකමේ ගිය 'භෞතික විද්‍යා' ටියුෂන් සර්

නිවසකට වරින් වර රහසිගතව ඇතුළු වී මුදල් හා රන් භාණ්‌ඩ සොරාගත් බව කියන භෞතික විද්‍යා උපකාරක පන්ති ගුරුවරයෙකු මහරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.


වලපනේ පදිංචිකරුවකු වන ඔහු එම  නිවසේම කොටසක ජීවත් වූ අයෙකු බවයි වාර්තා වන්නේ.


කම්බියක්‌ ආධාරයෙන් නිවසේ පිටුපස ජනේලයක්‌ හැර නිවසට ඇතුළු වී ඇති සැකකරු පිහි තලයක ආධාරයෙන් අල්මාරිය හැර මුදල් හා රන් භාණ්‌ඩ සොරාගෙන නැවත එම ජනේලයෙන්ම පිටවී ගොස්‌ ඇති බව පොලිස් පරීක්ෂණවල දී හෙළිවී තිබෙනවා.



සැකකරු දෙහිවල, නාවල, ගම්පහ, රාජගිරිය යන ප්‍රදේශවල පෞද්ගලික උපකාරක පන්ති පවත්වා ඇතැයි වාර්තා වනවා.


EmoticonEmoticon