විලියම් සහ කේට් ටජ් මහලට

බි‍්‍රතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරු සහ කේට් කුමරිය අද සුප‍්‍රකට ටජ් මහල නැරමීමට පැමිණෙනවා. ඒ, ඉන්දීයාවේ සහ භූතානයේ සංචාරයක නිරත විලියම් සහ කේට් යුවළගේ එම සංචාරයේ අවසන් දිනය වන අද (16) දිනය අනුස්මරණීය මතකයක් බවට පත් කරමින්.

ආදරයේ සංකේතයක් ලෙස ප‍්‍රකට ටජ් මහල විලියම් කුමරුටද සුවිශේෂි මතක සටහනක්. ඒ, 1992 වසරේදී ඉන්දියාවේ සංචාරය කළ විලියම් කුමරගේ මව වන ඩයනා කුමරිය ටජ් මහල ඉදිරිපිටදී ගනු ලැබූ ඡායාරූපයක් හේතුවෙන්.

ඩයනා කුමරිය චාල්ස් කුමරුගෙන් වෙන්වීම ප‍්‍රකාශයට පත් කළේද එම වසරේම අග භාගයේදීයි.

ඉන්දියාවෙන් සිය සංචාරය ආරම්භ කළ විලියම් කේට් යුවළ දින දෙකක් භූතානයේ ගත කිරීමෙන් පසු යළි ඉන්දියාවට පැමිණ ටජ් මහල නැරඹීමට නියමිතව තිබෙනවා.


EmoticonEmoticon