පාර්ලිමේන්තුව අද වෙනස් වෙයි
පාර්ලිමේන්තුව අද (05) පළමු වරට ව්‍යවස්ථා මණ්ඩලයක් ලෙස රැස්වනවා. ඒ, නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහායි. මීට අදාළ යෝජනාව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කරන ලද අතර දෙදිනක් පුරා විවාද කර එය සම්මත කර ගැනුණා.
න්‍යාය පත‍්‍රයට අනුව පාර්ලිමේන්තුව අද (05) පස්වරු 1.00ට රැස්වීමට නියමිතයි. මූලික කටයුතුවලින් පසු පස්වරු 2.00ට මෙම රැස්වීම කල්තැබෙන බවද අනතුරුව පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත‍්‍රීවරුන් 225 දෙනාම පාර්ලිමේන්තු සභාව තුළම නැවත වරක් ව්‍යවස්ථා මණ්ඩලය ලෙස රැස්වන බවද දේශපාලන ආරංචි කියා සිටියා.
පාර්ලිමේන්තු රැස්වීමේදී මෙන්ම ව්‍යවස්ථා මණ්ඩලයේ ද ප‍්‍රධානත්වය දරන්නේ කථානායකවරයායි. එහිදී සිදුකෙරෙන කටයුතු මොනවාදැයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා කරුණු දැක්වූවා.
නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව 2017 වන විට සකස් කර අවසන් කිරීමට හැකිවනු ඇතැයි ද මෙහිදී විශ්වාසය පළ කෙරුණා.
"2017 අපේ පාර්ලිමේන්තුවේ 70 වෙනි සංවත්සරය අපට පවත්වන්න අවස්ථාව ලැබෙනවා. මම බලාපොරොත්තු වෙනවා ඒ වෙනකොට මේ පාර්ලිමේන්තුවට තවත් මේ රටට උවමනා, ජනතාව අනුමැතිය දුන්න, අලුත් ව්‍යවස්ථාවක් සකස් කරලා අනුමත කරන්න අවස්ථාව ලැබෙයි කියලා. ඒ නිසා තමයි අපි ව්‍යවස්ථා සම්පාදක ගන්න පාර්ලිමේන්තුව වෙනම සභාවක් හැටියට රැස්වෙලා ඒ වාර්තාව ආපහු පාර්ලිමේන්තුවට යවන්නේ පාර්ලිමේන්තුව අනුමත කරන්න".
පාර්ලිමේන්තුව ව්‍යවස්ථා මණ්ඩලයක් ලෙස මීට පෙර රැස්වූයේ 1972 වසරේදීයි. ඒ, 1972 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කිරීම සඳහායි.
කෙසේ වෙතත් එම අවස්ථාව සහ අද (05) එළැඹෙන අවස්ථාව එකිනෙක සමාන කළ නොහැකි බව නීතිවේදීන් පෙන්වා දෙනවා.
1972 වසරේදී පාර්ලිමේන්තුව ව්‍යවස්ථා මණ්ඩලයක් ලෙස රැස්වූයේ ඒ වන විට පැවති ව්‍යවස්ථාවට පටහැනිවයි. පැවති පාර්ලිමේන්තුවේ බලය ද එහිදී අභියෝගයට ලක්වුණා. එහෙත් අද පාර්ලිමේන්තුව ව්‍යවස්ථා මණ්ඩලයක් ලෙස රැස්වන්නේ පවතින ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුකූලව සහ පවතින පාර්ලිමේන්තුවේ බලය පිළිගනිමින්.
1972දී ව්‍යවස්ථා මණ්ඩලය පාර්ලිමේන්තුවෙන් පිටත ස්ථානයකදී රැස්වීම සහ අද (05) ව්‍යවස්ථා මණ්ඩලය රැස්වන්නේ පාර්ලිමේන්තු සභාවේදීම වීම තවත් වැදගත් වෙනසක් වනවා.
EmoticonEmoticon