කොදෙව්වන් 'සමාව' ඉල්ලයි

බටහිර ඉන්දීය ක්‍රිකට්‌ පාලක මණ්‌ඩලයේ සභාපති ඩේව් කැමරන් සිය ක්‍රිකට්‌ කණ්ඩායමෙන් සමාව ඉල්ලමින් නිවේදනයක්‌ නිකුත් කර තිබෙනවා.


පන්දුවාර 20-20 ලෝක කුසලානයේ අවසන් මහා තරගයෙන් අනතුරුව කොදෙව් නායක ඩැරන් සමී බටහිර ඉන්දීය ක්‍රිකට්‌ පරිපාලනය විවේචනය කරමින් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් නිවේදනයක්‌ නිකුත් කරමින් ඔහු පවසන්නේ සිදුවූ අසාධාරණකම් පිළිබඳව සොයා බැලීමට වහා පරීක්‍ෂණයක්‌ සිදුකරන බවයි.


"ක්‍රිකට්‌, බටහිර ඉන්දිය කොදෙව්වන්ගේ උරුමයක්‌. අනාගතය වෙනුවෙන් අපි එම උරුමය ආරක්‍ෂා කළ යුතුයි" ඩේව් කැමරන් සිය නිවේදනයෙන් පවසනවා.


ක්‍රිකට්‌ පාලක මණඩලයේ සභාපති කැමරන්ගේ ප්‍රකාශය උපහාසයෙන් වාර්තා කරන බටහිර ඉන්දීය මාධ්‍ය පවසන්නේ මේ "අසාමාන්‍ය සමාව"පිළිබඳව ක්‍රීඩකයන් හොඳින් සිතාබැලිය යුතු බවයි.


EmoticonEmoticon