ජානගත රෝගයක් හේතුවෙන් පීඩා විඳින දරුවන් දෙදෙනෙකු සම්බන්ධයෙන් මේ දිනවල ෆේස්බුක් සමාජ ජාලය ඔස්සේ සීඝ්‍රයෙන් ඡායාරූප පෙළක් සංසරණය වෙමින් තිබෙනවා.
මහියංගනය ඔරුබැඳිවැව, මීවාගල ප්‍රදේශයේ ජීවත්වන මෙම පවුල මේ වන විට අන්ත අසරණ තත්ත්වයකට පත්ව තිබෙනවා. තවමත් නිසි ප්‍රතිකාරයක් නොමැති මෙම රෝගයෙන් ඇති කෙරෙන වේදනාව යම් තාක් දුරකට හෝ පාලනය කෙරෙන්නේ ඇඟේ ගාන ක්‍රීම් වර්ග හේතුවෙනි.
දෙමාපියන්ගේ ලේ ඥාති විවාහය හේතුවෙන් මහියංගන ඔරුබැදිවැව මීවාගල ගම්මානයේ ජීවත් වන මෙම දරුවන් දෙදෙනා උපතින්ම Harlequin-type ichthyosis නැමැති මෙම රෝගය වැලදී පීඩා විදින බවයි කියවෙන්නේ.
පියා දරුවන් ජිවත් කරනුයේ කුලි වැඩ කරමිනි. ගැහැණු දරුවාට මේ වන විට වයස අවුරුදු 5 ක් වන අතර පිරිමි දරුවා වයස 10 ඉක්මවා තිබෙනවා. අධික වියදමක් දරමින් ප්‍රතිකාර කිරීමට සිදුව ඇති මෙම දරුවන් වෙනුවෙන් පිහිටක් වෙන ලෙසයි දෙමාපියන් ඉල්ලා සිටින්නේ.
Subscribe to:
Post Comments (Atom)




EmoticonEmoticon