ජනතාව මුලා නොකර, මුදල් නොගෙන බියකරු මාරාන්තික දර්ශණ පෙන්වන අපූරූ පුද්ගලයෙක් ගැන පුත්තලම ඉගිනිමිටිය ප්‍රදේශයෙන් වාර්තා වනවා. ඔහු නමින් ආර්.පී.ඩී. ප්‍රසාද් කුමාර සිරිවර්ධන නමැති (29) හැවිරිදි විවාහකයෙක්.
සැන්ඩෝ සංදර්ශණ කලාවට උපන් හපන් විස්කම් පාන මොහු කිලෝ පනහක සිමෙන්ති බෑගයක් කිසිම ආධාරයක් නොමැතිව දත් ආධාර කර ගනිමින් ඉහළටම ඔසවා විනාඩි පහක පමණ කාලයක් මුවේ දත් මත රඳවා ගෙන සිටීමට ඔහුට පුළුවන්.
එසේම යතුරු පැදියේ වේගය පැයට කිලෝ මීටර් 60කින් කිලෝ මීටර් 35ක පමණ දුරක් යතුරු පැදියේ හැඩලයට අත නොතබා ධාවනය කරන මොහු ඕනෑම විෂ ඝෝර සර්පයෙකු ක්ෂණිකව අල්ලා ගැනීමට දක්ෂයෙකු බවද පවසනවා.
මේ සම්බන්ධයෙන් ඔහු අප වෙත පැවසුවේ මෙවැන්නක්..
"මම ඉන්නෙ. ඉගිනිමිටිය ගොවි ජනපදයෙ. මම රස්සාව වශයෙන් කරන්නෙ ගොවිතැන. මට ලොකු ආශාවක් තිබුණා. කුඩා කාලේ ඉදලා මේ සැන්ඩෝ දර්ශණ පෙන්වන්න ඉතිං මම ඔය රූපවාහිනි වල පෙන්වන සැන්ඩෝ දර්ශණ බලලා ඒවා ගොඩාක් දුරට අත් හදා බලනවා.
මම ඔයාලාට කියන්නේ ඒවා අත්හදා බලන්න යන්න එපා මොකද ඒවා මාරාන්තිකයි. ඉතිං අද මට පුළුවන් සිමෙන්ති කොට්ටයක් කිසිම උදව්වක් නැතිව කටින්ම හපලා උස්සලා විනාඩි පහ හයක් කටේ දත් වලින් තියා ගන්න.
තව ගොඩක් දේවල් මම කරනවා. මම බයික් එකේ අත් දෙක අත ඇරලා කිලෝ මීටර් 35ක් 40ක් යනවා.පැයට කිලෝමීටර 60ක වේගෙන්. ඒ විතරක් නෙමෙයි. කැලේ ඉන්න ඕනෙම සර්පයෙක් මම කිසිම දෙයක් නැතුව අතින් අල්ලා ගන්නවා.
තව ට්‍රැක්ටර් එකක් බඩ උඩින් යවන්නත්, ඉනේ ලණුව දාලා සී ෆෑන් එකකින් එක පැත්තකින් අදිද්දි තව පැත්තකින් බයික් දෙකක් බැඳලා අනෙක් පැත්තෙන් අදිද්දි මගෙ ඇගේ ඕනෙම තැනක ගහලා උළු කැට ඕන තරමක් කඩනකම් මම ඉන්නවා.
මම කියන්නෙ මගෙ මේ හැකියාව රටටම පෙන්වන්න මට උදව් කරන්න. කියලා මම අතිගරු ජනාධිපති තුමාගෙනුත්. අගමැති තුමාගෙනුත් ඉල්ලීමක් කරන්න කැමතියි. මොකද අපේ මේ හැකියාවන් ගමේම හැංගිලා යනවා මිසක් රටට ගෙනියන්න තරම් අපිට හැකියාවක් නැහැ"






EmoticonEmoticon